දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනීම - ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

වර්ණ

තැඹිලි පාට
-
දෙමළ ජනතාවගේ නියෝජනය

කොළ පාට
-
මුස්ලිම් ජනතාවගේ නියෝජනය

කහපාට       
-
හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)
National Anthum of Sri Lanka / ශ්‍රී ලංකාවේ ජාතික ...
රතුපාට
-
මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීම


බෝපත් සතර
මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ
(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)

සිංහයා
සිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.
කඩුව අතින් ගත් සිංහයා තේජස හා උත්තරීතර භාවය ද,
පාද තුනකින් සිටින සිංහයා තුන් සිංහලය එක්සත් කළ බව ද,
අසිපත ඉහලට එසවී තිබීම ජාතියේ ස්වධීනත්වය හා උත්තරීතර බව ද නිරූපනය වේ.

වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කළේ
ජේ. ඩී. ඒ. පෙරේරා මහතා හා එස් පී චාර්ල්ස් මහතා 
පාර්ලිමේන්තුවෙන් සම්මත වූ වර්තමාන ජාතික කොඩිය ප්‍රථමවරට ඔසවන ලද්දේ 1952 පෙබරවාරි 04 දීය.
ජාතික කොඩියේ සතර කොන්වල තිබූ කොත් ඉවත්කොට ඊට බෝ කොල සතරක් ඇතුලත් කළේ 1972 දීය.
ජාතික කොඩියේ සැලැස්ම, දිග, පළල SLS 693-1985 අංක දරණ ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වූ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයට අනුකූල විය යුතු ය.
අප රටේ අතීතයේ සිංහ රූපයක් සහිත ධජයක් භාවිත කළ බවට ඇති ඓතිහාසික සාධක කීපයක්,
ක්‍රි. පූ. 161 - 137 දුටුගැමුණු රාජ්‍ය කාලයේ දී කඩුවක් අතින් ගෙන දිවයන සිංහයකුගේ රූපයක් හා ඉර හඳ ඇතුලත් ධජයක් භාවිත කර තිබීම
ක්‍රි. ව. 1415 දී VI වන පරාක්‍රමබාහු රජුගේ රාජාභිශේකය පැවති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිංහයකුගේ රූපයක් සහිත කොඩියක් එසවීම
II වන රාජසිංහ රජු සිහිපත් කිරීම සඳහා ක්‍රි. ව. 1657 දී ලන්දේසි ජාතිකයන් විසින් පවත්වන ලද උත්සවයකට සිංහ කොඩිය ඔසවා තිබීම

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |