බෞද්ධ කොඩිය
බෞද්ධාරක්ෂක කමිටුවේ පූර්ණ බල සහිත නියෝජිතයා ලෙස 1884 අප්‍රෙල් මස එංගලන්තයට ගිය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙසක් පොහොය මෙරට නිවාඩු දිනයක් ලෙස අනුමත කරවා ගත් අතර 1885 මාර්තු 27 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කිරීම මඟින් එම නිවාඩු දිනය නීත්‍යානුකූල බවට පත් කරන ලදී.

ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය නිර්මාණය සඳහා දායක වූ වෙසක් උත්සව කමිටුවට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ද ඇතුලත් විය.
එහිදී සී.පී.ගුණවර්ධන ශූරීන් විසින් ඉදිරිපත් කළ නීල (නිල්), පීත (කහ), ලෝහිත (රතු), ඕදාත (සුදු), මාංජේෂ්ඨ (තැඹිලි) යන වර්ණ සංයෝග වී ප්‍රභාෂ්වර යන ෂඩ් වර්ණවලින් සමන්විත බුද්ධ රශ්මිය විදහාපාන ආකාරයට නිර්මාණය වූ සැලසුම අනුමත විය.
ක්‍රි.ව. 1886 දී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ෂඩ් වර්ණ බෞද්ධ කොඩිය සැකසන ලදී.
ක්‍රි.ව. 1951 සිට ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත් විය.
0 Comments:
Post a Comment