දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනුම -රාජ්‍ය ලාංජනය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

ජනරජය යනු, ජනතාව විසින් ම පාලනය කරනු ලබන රාජ්‍යයක් යන්නයි.
ජනරජයට අයත් සියලුම වස්තූන් පොදු දේපල ලෙසට සලකනු ලබන නිසා එම වස්තූන් හැඳින්වීම සඳහා ජනරජ ලාංඡනය භාවිත කරයි. මෙම රාජ්‍ය ලාංඡනය හඳුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.
ජනරජ ලාංඡනයේ සලකුණු
ලාංඡනය මධ්‍යයේ සංහයා
සිංහයා වටා නෙළුම් පෙති මෝස්තරය
පුන්කලස
පුන්කලස දෙපසින් විහිදෙන වී කරල් දෙකක්
පුන්කලස දෙපස ඉර හඳ
ධර්ම චක්‍රය
සියලුම සංකේත වටා මායිම් ඉර

ජනරජ ලාංඡනයේ සංකේතාත්මක විස්තර

පුන්කලස
-
සෞභාග්‍යය
වී කරල් දෙක
-
සශ්‍රීකත්වය හා සෞභාග්‍යය
ඉර හා හඳ
-
ජාතීන් ඉර හඳ පවතින තාක් කල් පැතිරේවා
සිංහයා
-
ජාතියේ සංකේතය
සිංහයා කඩුවක් දරා සිටීම
-
ප්‍රෞඩත්වය
නෙළුම් මල් මෝස්තරය
-
පිරිසිදු බව
ධර්ම චක්‍රය
-
බහුතරයේ ආගම වූ බුද්ධාගම
මායිම් රේඛාව
-
සියලු කරුණු ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |